ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙයි.. ජනාධිපති මන්දිරයට යයි.. සාකච්චා වට කිහිපයක්… ඉදිරියේදි වෙනදේ

Srilanka basil srilankan Gotabhaya rajapaksha
By Sithumi Apr 16, 2022 12:23 PM GMT
Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පවත්වන අඛණ්ඩ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයා සිය රාජකාරි කටයුතු කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ගෙන ගොස් තිබේ.

ජනාධිපතිවරයා සිය රාජකාරි කටයුතු ජනාධිපති මන්දිරයේ සිට තාවකාලිකව සිදුකරනු ලබයි. ඒ සමගම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය කරන සේවක පිරිසක්ද ඒ වෙත කැඳවා ඇත. ජනාධිපති ලේකම් මාධ්‍ය අංශය විසින් අද නිකුත් කල නිවේදනයේද දැක්වෙන්නේ ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ සිට සාකච්ඡාවක් සිදු කරන ආකාරයයි.

අද නිකුත් කරන ලද නිවේදනය මෙසේය. 

 —– වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

එහි පළමු සාකච්ඡාවට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු සහභාගී වූහ.

එහි තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැත්විණි. – ජනාධිපති මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now