විශ්වාසභංගයට තවත් පාර්ශවයක් සහය දෙයි.. ඉදිරියේදි රටේ වෙනසක්..

By Sithumi Apr 08, 2022 01:15 PM GMT
Report

විශ්වාසභංගයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. මේ අතර සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර එහි ඇතුළත් කරුණු කිහිපයක් පහතින් දැක්වෙයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම. සීමිත අමාත්‍යාංශ ගණනක් සහ ඒවායේ විෂය පථය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුුතු කිරීම.

සුදුසු සංශෝධන සහිතව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සක්‍රිය කිරීම. ආණ්ඩු වෙනස්වීම් සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මාස 6ක කාලයක් තුළ සකස් කිරීම.