අවුරුදු 50ට වැඩි රාජපක්ෂවරයෙක්ට ජනපති සටනට විශේෂ ඇරයුමක්..ඔහු මාධ්‍යයට කියූදේ..

Election Commission of Sri Lanka Dr Wijeyadasa Rajapakshe President of Sri lanka Election Presidential Update
By Aruna Mar 30, 2024 02:54 AM GMT
Report

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට විවිධ පාර්ශ්ව තමන්ට ඇරයුම් කර ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත්, අදාළ පාර්ශ්වය සමග තමන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි, රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාහට ලබාදෙන බව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද එක් කරගනිමින් අම්මාන් බළකාය නමින් තමන් සංවිධානයක් ද පිහිටුවා ඇති බවයි, මඩකලපුවේදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු කියා සිටියේ.