ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙන්න.
Election Commission of Sri Lanka
Sri Lanka Politician
President of Sri lanka
Political Development
By Aruna
පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙන බව වාර්තා වනවා.
ඒ, මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීම සඳහා බවයි පැවසෙන්නේ.
ඒ අනුව, රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව ඇත.
තොරතුරු වාර්තා වන්නේ, පොලිස්පතිවරයා ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිත බවටයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනු ඇත.