ජනාධිපතිවරණය ගැන ප්‍රභලයෙක් ගෙන් ප්‍රකාශයක්..

Presidential Secretariat of Sri Lanka Ranil Wickremesinghe Sajith Premadasa President of Sri lanka Sri Lankan local elections 2023
By Aruna Aug 18, 2023 12:17 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීමට කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ආගෝස්තු මාසයේ දී එම මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දීත් ඉන් පිටත දීත් සිදු කළ ප්‍රකාශයන්හි අන්තර්ගතය මැතිවරණය ප්‍රමාද කිරීම් බව ද විපක්ෂය සඳහන් කළා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වැඩසටහනක දී විද්‍යුත් මාධ්‍ය හිමිකරුවෙකු ජනාධිපතිවරණයට සූදානම් වනවා දැයි ජනාධිපතිවරයාගෙන් අසා තිබෙනවා.

ඊට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ඇත්තේ කොහෙදැයි පෙරළා අසා ඇති බව සඳහන්.

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරන පසුබිමක මෙවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර තිබීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රථමයෙන් නොපැවැත්වෙන බවත්, එය ඔක්තෝබර් මාසයේ දී පැවැත්විය යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව, එම මැතිවරණ කටයුතු අගෝස්තු මාසයේ දී ආරම්භ කළ යුතුයි. කිසිවෙකුටත් එය කල් දැමිය නොහැකියි.

එලෙස සිදු කිරීමෙන් දේශපාලන අර්බුදයක් නිර්මාණය වනු ඇති බවයි, දේශපාලන විචාරකයින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.