ජනපති හා විපක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක්..!

Maithripala Sirisena Sri lanka Mahinda Rajapaksha Gotabhaya Rajapaksha eeconomic crisis
By Sewvandhi Apr 10, 2022 02:52 PM GMT
Report

රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් එක් දෙනාටද ආරාධනා කර තිබූ අතර, ඒ අනුව එම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේ ද මේ වනවිට ආරම්භ වී ඇත.

රට අරාජික සහ අස්ථාවරවීම වැළැක්වීම සඳහා වන යෝජනා 11ක් ඇතුළත් ලිපියක් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉකුත් සිකුරාදා (08)යවනු ලැබීය.

රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සදහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබිණි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නට පෙර ,මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමඟද සාකච්ඡා කිරීමට එම මන්ත්‍රීවරුන් මෙහිදී තීරණය කර ඇත . 

 එම මන්ත්‍රීවරුන් හතළිස් එක්දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුව, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන ජනබලවේගයඅතර සාකච්ඡාවක් ද ,හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැවැත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now