ජනපතිවරණය උණුසුම්.. දේශපාන වේදිකාවේ ඇහෙන රහස් කතා මෙන්න..

Anura Dissanayake Ranil Wickremesinghe Sajith Premadasa Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Aug 24, 2024 05:32 AM GMT
Report


මේ වන විට ජනාධිපතිවරණය එලැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ අතර අපේක්ෂකයන් 39 දෙනෙකු අතරින් මේ වන විට එක් අපේක්ෂකයෙකු මියයෑමත් සමග අපේක්ෂකයන් 38 දෙනෙකු අතර ජනාධිපතිවරණය පැවැත්වෙනවා.

ජන්ද පත්‍රය මුද්‍රන කටයුතු මේ වන විට සිදුවන බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

මේ වන විට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් සියලු දෙනාම පාහෙ සිදු කරමින් සිටිනවා. මෙවැනි පසුබිමක 09වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාව තෝරන්නේ කවුරුන්ද යන්න තවම නිශ්චිත නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සිදුවූ අභ්‍යන්තර අර්බුදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපති සටනට ධනාත්මක දායකත්වයක් ලැබී තිබෙන බවට වාර්තා වනවා. එමෙන්ම මේ වන විට තරුණ ප්‍රජාව අතර ජාතික ජන බලවේගයේ නායකයා කෙරෙහි වැඩි අවදානයක් යොමුව ඇති බවද වාර්තා වනවා.

පසුගියදා තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය සමග සජිත් ප්‍රේමදාස මහතාගෙ ජනපති සටනට යම් බලපෑමක් වූ බව දේශපාලන වේදිකාවේ අදහස් පළ වෙනවා. කෙසේවෙතත් තව දින කිහිපයක්ම ජනපති සටනට තිබෙන නිසා මේ සියලු දේ වෙනස් වීමට හැකියාව පවතිනවාං 

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%