ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම අවසන්.. ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් ගණන මෙවර..?

President of Sri lanka Sri Lanka Presidential Election 2024
By Sithumini Aug 15, 2024 05:47 AM GMT
Report

 මෙවර ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරදීම අද සිදුවුණාං.

ඊයේ දිනය වන විට ඇප තැම්පත් කළ අපේක්ෂකයින් අතරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදීම සිදු කර ඇති බව වාර්තා වනවා.

ඒ අතරින් කිසිදු කාන්තාවක් ඉදිරිපත් වී නොමැති අයූරුත් දක්නට ලැබෙනවා.

විශේෂයෙන්ම මේ අතරින් විශේෂ කාරණය වන්නේ ජනාධිපතිවරණය සදහා ගියවර අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම මත ජන්ද පත්‍රිකාව දිගු කිරීමට පවා සිදුවුණා.

මෙවර ජනාධිපතිවරණය සදහාද එලෙස ජනපති අපේක්ෂකයයින් ඊටත් වඩා වැඩි පිරිසක් ඉදිරිපත් වීම මත නැවත ජන්ද පත්‍රිකාව දීර්ඝ කිරීමක් සිදුවෙතැයි මැතිවරණ නිරීක්ෂකයින් මත පළ කරනවා.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වීමත් ඊට අමතරව තවත් ජනතාව හදුනන අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

ඒ අතරට හිටපු අමාත්‍යවරුන්, හිටපු ජනපති අපේක්ෂකයින්, සමාජ ක්‍රියාකාරින් , හිටපු ආරක්ෂක අංශ නිලධාරීන් අයත්.