ජනපති රනිල්ට සහාය දක්වන පිරිස 116 ඉක්මවයි...
Ranil Wickremesinghe
President of Sri lanka
Sri Lanka Presidential Election 2024
By Sithumini
ඉද්‍රිරියේදි පවත්වන ජනාධිපතිවරණය සදහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන බව මේ වන විට තීරණය වී තිබෙනවා.
පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) රැස්වී තීරණය කර තිබෙනවා.
අදාළ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහාය දැක්වීමට කැපවන බවට ප්‍රතිඥා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
116 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පිරිසක් බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ පැවති රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් 92දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළා.
අද එක පිරිස 116 ක් දක්වා වැඩිවී තිබෙනවා