ජනපති රනිල් තවමත් ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක.. ප්රබලයෙකු හෙළි කළ දේ
Ranil Wickremesinghe
Mujibur Rahman
Presidential Update
Sri Lanka Presidential Election 2024
By Sithumini
මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නාම යෝජනා භාර ගන්නා දිනය ඇතුළු මැතිවරණය පිළිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එවැනි පසුබිමක ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීම සදහා ජනපති රනිල් තවමත් උත්සාහ ගනිමින් සිටින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරනවා.
ඔහු කියා සිටින්නේ ජනපතිවරයා මැතිවරණය කල් දැමීමට විවිධ උත්සාහ ගත් නමුත් ඒවා අසාර්ථක වූ බවයි.
එම උත්සාහයේ ඔහු තවමත් නිරත්වෙමින් සිටින බව වත්මන් ඒ සදහා නීතියෙන් කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රකාශ කළා
එම නිසාම ඔහු රටේ අවුලක් ඇති කිරීමේ උත්සාහයක නිරතවන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
අද කොළබ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කළා.