ජනාධිපතිවරණය සැප්තැම්බර් 28? එළියට ආපු නවතම හෙළිදරව්ව
මේවන විට රටේ ප්‍රමුඛතම කාරණය බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරණයයි.
ඒ අනුව ජනාධිපතිවරණය කවදාද යන්න පිළිබදව බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. එවැනි පසුබිමක ඉදිරි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 28 සෙනසුරාදා පැවැත්වීමට ඉඩ ඇති බව සති අන්ත පුවත් පතක් වාර්තා කරනවා.
ඒ අනුව ඊට පෙර නිකුත් කළ යුතු ජනාධිපතිවරණය පිළිබඳ මූලික නිල ප්‍රකාශය මැතිවරණ කොමිසම විසින් ඉදිරි සතියේදී නිකුත් කෙරෙනු ඇති.
පවත්නා නීතිමය තත්ත්වය අනුව ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 දා සහ ඔක්තෝබර් මස 16 දා අතර දිනයක පැවැත්වීම අනිවාර්ය වනවා.
කෙසේවෙතත් පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ ඔක්තෝබර් මස 16 දාට අඩුම වශයෙන් දෙසතියකට පෙර ඡන්දයට දින නියම කරන බවයි.
නීතිමය වශයෙන් සඳහන්ව නැතත් මෙතෙක් කල් සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ සෙනසුරාදා දිනයක වන බැවින් ඔක්තෝබර් මස 2 දාට පෙර එළඹෙන සෙනසුරාදා සැප්තැම්බර් 28 දිනය වන බැවින් ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 28 දින පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
ඒ අනුව ඉතා කඩිනමින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරනු ඇති.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%