හැමෝම බලාසිටි පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගැන මහින්ද දුන් ඉගිය.ජනපති රනිල්ද?
SLPP
Mahinda Rajapaksa
Presidential Update
By Sithumini
මෙව් දිනවල තියෙන ජනාධිපතිවරණ උණුසුම නිසාම බොහෝ දෙනාට මේ වන විට තියන ලොකුම උනන්දුවක් තමයි මැතිවරණ අපේක්ෂකයින් කව්ද කියලා දැනගන්න එක.
අද ඒකට ඉගියක් ලබා දෙන්න පොදු ජන පෙරමුණ කටයුතු කළා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
"මැතිවරණය ජයග්රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්රහණය කරනවා.
අපේක්ෂකයා දැම්මම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද කියලා. අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා." බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%