ජනාධිපතිවරණය කවදාද..?

President of Sri lanka Election Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini 9 months ago
Report

ජනාධිපතිවරණය කවදාද.. ?

මේ වන විට රටේ වැදගත්ම මාතෘකාව වෙන්නේ ජනාධිපතිවරණය. දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයෙත් මෙ සම්බන්ධයෙන් දීර්ඝ කතාබහක් ඇතිව තිබෙනවා.

එම උණුසුමත් සමගම ජූලි 17 වනදායින් පසු එනම් තවත් දින 10කින් පසුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද ප්‍රකාශ කළා.

ඒ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවීම හේතුවෙන්.

සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ එය පවත්වන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණු පසුබිමකයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මේ බව සදහන් කළේ. ඒ අනුව, මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බවත් ඔහු  සභාපතිවරයා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබෙන අතර මැතිවරණ කොමිසන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි.

කෙසේවෙතත් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර ඇති අදාළ පෙත්සම හෙට (08) දිනයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

ලේනව නැමති අයෙක් විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණු අතර ඊට එරෙහිවත් සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශව ගණනාවක් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.