යුක්රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ - ඉදිරි පැය 24තුළ රුසියාව පූර්ණ වශයෙන් යුක්රේනය ආක්‍රමණය කරනවා - ස්කොට් මොරිසන්
රුසියාව ඉදිරි පැය 24 තුළ පූර්ණ වශයෙන් යුක්රේනය ආක්‍රමණය කිරීමේ දැඩි අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අනතුරු අඟවනවා.
එවන් පසුබිමක යුක්රේන රජය නිවේදනය කරන්නේ රුසියාවේ වෙසෙන තම පුරවැසියන්ට හැකි ඉක්මනින් එරටින් ඉවත් වන ලෙසයි. මේ අතර, බටහිර රාජ්‍යයන් රුසියාවට පනවා ඇති සම්බාධක සඳහා ඔස්ට්‍රේලියාව සහ ජපානයත් සිය සහයෝගය පළ කර තිබෙනවා.
මේ අතර, ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය සිය අනුමැතිය ලබා දී තිබෙනවා.
යුක්රේනය, යුරෝපා සංගමය ඇතුළු බටහිර රාජ්‍යයන් මෙන්ම නේටෝ හමුදාවන් සමඟ සමීපව කටයුතු කිරීම නිසා රුසියාව සිය දේශසීමාවේ පිහිටි එම රාජ්‍ය ආක්‍රමණය කිරීමේ අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා.
සති කිහිපයක් මුළුල්ලේ රුසියාව සිය යුද බලය විදහා දක්වමින් යුක්රේන දේශසීමා හි මෙන්ම බෝල්ටික්ස් සාගර කලාපයේ යුද අභ්‍යාසවල නිරත වූණා. කෙසේවෙතත්, රුසියාව, දිගින් දිගටම කියා සිටියේ ආක්‍රමණයක් පිළිබඳව බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
කෙසේවෙතත්, ඊයේ නැගෙනහිර යුක්රේන දේශසීමාවන්ට යොදවා ඇති භට පිරිස් වැඩි කිරීමට රුසියාව පියවර ගනු ලැබූ අතර, යුක්රේනයේ කලාප දෙකක් ස්වාධීන රාජ්‍ය ලෙස නම් කිරීමට ද කටයුතු කළා. මේ හේතුවෙන් ජර්මනිය, අමෙරිකාව සහ කැනඩාව , රුසියාවට සම්බාධක පැනවීමටයි පියවර ගත්තේ.
ඒ අනුව රුසියාවේ සිට යුරේපා කලාපයට බෝල්ටික්ස් සාගරය හරහා ස්වභාවික වායූන් ප්‍රවාහනය කරන නෝඩ්ස් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවන්ට අනුමැතිය ලබාදීම අත්හිටුවන බවත් ජර්මානු චාන්සලර් ඕලැෆ් ස්කොල් ඊයේ බර්ලින් නුවර දී නිවේදනය කළා.
බ්‍රිතාන්‍යයේ වත්කම් හිමි රුසියානු වාණිජ ආයතන 6කට සම්බාධක පනවන බව බ්‍රිතාන්‍යය ද ඊයේ නිවේදනය කළා. ඒ අනුව, එම ආයතනවල වත්කම් රඳවා ගනිමින් රුසියානු බිලියනපතියන් 5 දෙනෙකුටත් බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ප්‍රවාහනය, බලශක්ති, විදුලි සංදේශන, ඛනිජ සම්පත් යන අංශ සඳහා ඔස්ට්‍රේලියාවත් අද රුසියාවට සම්බාධක පැනවූවා. ඒ අනුව, රුසියානු ආරක්ෂක කවුන්සලයේ නිලධාරීන් 8 දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ සංචාරය තහනම් වනවා.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ ඉදිරි පැය 24 තුළ රුසියාව, පූර්ණ වශයෙන් යුක්රේනය, ආක්‍රමණය කරනු ඇති බවයි. එවන් පසුබිමක රුසියානු ප්‍රකට වාණිජ ආයතන දෙකකට සම්බාධක පනවමින් බෝල්ටික්ස් සාගර කලාපයේ නේටෝ හමුදාවන්ට අයත් අමෙරිකානු භට පිරිස් වැඩි කිරීමටත් බයිඩ්න් පරිපාලනය ඊයේ පියවර ගත්තා.
රුසියානු - යුක්රේන අර්බුදය යුද ගැටුමක් දක්වා වර්ධනයවීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගතහැකි බවත්, අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |