පෙර පාසල් සම්බන්ධයෙනුත් තීරණයක්.
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka Politician
Sri Lanka
Education
By krishani
ඉදිරියේ දී විධිමත් පුහුණුවක් නොමැතිව පෙර පාසල් ආරම්භ කිරීමට අවසර ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (03) කඩුවෙල - බෝමිරිය ජාතික පාසලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
මේ වන විට දිවයින පුරා පෙර පාසල් 19,000ක් පවතින අතර ඒවායේ ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් සංඛ්‍යාව 40,000ක් වේ.
ඒ අනුව ඉදිරියේ දී පෙර පාසල් ආරම්භ කිරීමට අවසර ලබාදෙනු ලබන්නේ විධිමත් පුහුණුවක් සහ ඩිප්ලෝමාවක් ලැබූ පෙර පාසල් ගුරුවරුන්ට පමණක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.