පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ගැන දෙමව්පියන්ට විශේෂ ඉල්ලීමක්

Dengue Prevalence in Sri Lanka Latest Headlines Preschool Children Sinhala news Puwath.lk
By R.rishma Jul 13, 2026 06:02 AM GMT
Report

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යමින් පවතින තත්ත්වය හේතුවෙන්, පෙර පාසල් දරුවන් ද මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කිරීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් අන්දවා පෙර පාසල් වෙත යොමු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පාසල් සිසුන්ට අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් ඇඳ පාසල් පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර අවසර ලබාදී තිබේ.

ඒ අනුව, එම ආරක්ෂිත ක්‍රියාමාර්ගය පෙර පාසල් දරු දැරියන් සඳහා ද අනුගමනය කරන ලෙස අමාත්‍යවරිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, පෙර පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු මදුරු විකර්ෂක භාවිත කිරීම මෙන්ම මදුරු දෂ්ඨනයෙන් වැළකීමට හැකි සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි.

එමෙන්ම, ඉදිරි සති දෙක තුළ ඩෙංගු අවදානම සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ද ඇය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය.