මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

Galle Face Protest Sri Lanka Economic Crisis Prasanna Ranatunga SL Protest
By Sewvandhi Apr 24, 2022 08:37 AM GMT
Report

මහජන ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ගිලන්රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා, අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සහ සේවා ප්‍රවාහනය සහ සංචාරකයින් භාවිතා කරන වාහනද විරෝධතා සහ පෙළපාළිවලදී බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි බවට සහතික වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර,පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරන දෙන ලෙස සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව අද (24) මිනුවන්ගොඩ, උඩුගම්පොළ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිට පාගමනක් සහ රථ පෙළපාලියක් ආරම්භ කෙරුණි.

විරෝධතාකරුවන් මිනුවන්ගොඩ නගරය වෙත පැමිණි පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට සිට සිය විරෝධය පළ කළේය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ඊයේ (23) පස්වරුවේ සහ අදත් දිවයිනපුරා විරෝධතා පැවැත්වුණි. ආර්ථික ගැටලුවලට විසඳුම් ඉල්ලමින් වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් ඊයේ සිය වෙළෙඳසැල් වසා ආණ්ඩුවට විරෝධය පළ කළේය. 

මේ අතර අම්බලංගොඩ, මීතියාගොඩ, වේරගොඩ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ දෙවොල් දේවාලයේදී වත්මන් ආණ්ඩුවට එරෙහිව දේව කන්නලව්වක ද නිරත විය.

ආණ්ඩුවට එරෙහිව කැලණිය, දළුගම නගරයේ ඊයේ රාත්‍රීයේ විරෝධතාව පැවති ස්ථානයෙන් පා ගමනින් යමින් සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් එහි නතරවී විරෝධතාකරුවන් ඇමතූහ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now