පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන ගත් තීරණය මැයි 9ය ගත් තීරණය වගේ..සැරටම උත්තර දෙයි..

Sri Lanka Podujana Peramuna Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 30, 2024 03:39 PM GMT
Report

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ, පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය නාට්‍යයක් බවයි.

දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් ලෙස එය ප්‍රකාශ කළ එය කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ගත් තීරණයක් බව ද ඒ මහතා පැවසීය.

"ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සම කරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වනදා කොළඹ සෙනඟ ගෙනල්ලා අරගලයට ගැහන්න ගත්ත තීන්දුව හා සමානයි ඊයේ ගත්ත තීන්දුව. ඒ තීන්දුව ගත්තේ මහපොළව ගැන අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නොමැතිව.

එම තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, ව්‍යසනකාරී තීන්දුවක් ලෙස අපි සලකනවා. පොදුජන පෙරමුණ රටට පෙර, පාක්ෂිකයාට පෙර පුද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තීන්දු ගැනීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා." 

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ, ඝාතකයින්ට ලැබුණු දඬුවම්..

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ, ඝාතකයින්ට ලැබුණු දඬුවම්..



Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%