කෘතීම බුද්ධියෙන් ඉපදුනු ප්රභාගේ දියණිය ගැන ආරක්ෂක අංශ කළ අනාවරණය.
ප්රභාකරන්ගේ උපන් දිනයදා නිකුත් කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
ඒ, හිටපු එල්.ටී.ටී නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්රභාකරන් ජීවත්වන බවට හඟවමින් ඒ .අයි තාක්ෂණය භාවිතා කරමින් සිදු කර ඇති වීඩියෝවක්.
මෙම වීඩියෝ පටය ගැන ආරක්ෂක බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශයෙන් විමසීමක්ද සිදුකර ඇත.
කෙසේ වෙතත් එම වීඩියෝ පටයට පෙනී සිටි කාන්තාව ප්රභාකරන්ගේ දියණිය නොවන බවත් එම වීඩියෝව ව්‍යාජ එකක් බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
බුද්ධි අංශ වාර්තා වලට අනුව ප්රභාකරන්ගේ උපන් දිනය යෙදුණු 27වැනිදා පවත්වන මහවිරු දිනය නිමිත්තෙන් පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ මෙම වීඩියෝ පටය නිකුත් කර තිබෙනවා.
එල්.ටී.ටී සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතාම වැදගත් ප්‍රකාශයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝ පටය මුලින්ම පළ කර ඇත්තේ දෙමළ වෙබ් අඩවියක් විසින්.