අල, ළුණු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩුවෙයි

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Jan 25, 2023 02:04 PM GMT
Report

පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික රට ළුෑණු සහ අර්තාපල්වල තොග මිල පහළ ගොස් තිබෙනවා.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ආනයන රටළුෑණු කිලෝවක නව තොග මිල රුපියල් 130ක් බවයි.

එමෙන්ම, ආනයනික අර්තාපල් කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 100ක්.

ඒ අනුව, ආනයනික රට ළුෑණු කිලෝවක් රුපියල් 50කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 80ත් 100ත් අතර මිලකින් පහත වැටී තිබෙනවා.

මේ අතර, ආනයනික සුදු සීනි කිලෝවක තොග මිල වන්නේ රුපියල් 205ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now