රටටම රෑට රෑට කළුවරේ ම ඉන්න වෙයි ද?.

Power cut Sri Lanka Ceylon Electricity Board Latest Headlines Decision Making
By krishani May 28, 2024 04:41 PM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රටටම රෑට රෑට කළුවරේ ම ඉන්න වෙයි ද?. | Power Outages In Sri Lanka

ඒ රට පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී ඇති ලක්‍ෂ තුනකට අධික විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයීම යථාවත් කිරීම සේවක හිඟය නිසා තවදුරටත් ප්‍රමාදවිය හැකි බවයි.

විදුලිය බිඳවැටීම් යථාවත් කිරීමට අවශ්‍ය අතිරේක සේවක පිරිසක් නොමැති බවත්, ඒ පිළිබඳව විෂයභාර ඇමැතිවරයා කළ ප්‍රකාශය තමන්ට ගැටලුවක් බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

විදුලිය අත්‍යාවශය සේවාවක් බවට රජය නම් කර තිබුණ ද, සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හෝ සිටින සේවකයන් රඳවා ගැනීමට රජය, විෂය භාර ඇමැතිවරයා හෝ ලංවිම අධ්‍යක්‍ෂ මණ්ඩලය සාධනීය පියවර ගෙන නැති බව එම සංගමය චෝදනා කළේ ය.

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..


එහි සභාපති, ඉංජිනේරු, ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලිය බිඳවැටීම් යථාවත් කිරීමේ දී සිදුවන ප්‍රමාදය පිළිබඳව තමන් ජනතාවට කණගාටුව පළ කරන බවයි.