හෙටත් (3/28) පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්..!

Sri Lanka Norochchole fuel crisis Electricity board power cut Sapugaskannda
By Sewvandhi Mar 27, 2022 01:02 PM GMT
Report

හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

P සිට W දක්වා කලාප 08 ට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කප්පාදු කරනු ලබනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now