සාකච්ඡා අසාර්ථක වෙයි..! හෙට උදෑසන 8න් පසු ලංකාවට වෙන්න යන දේ

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Jun 08, 2022 01:18 PM GMT
Report

විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසයි.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තීය සමිති නියෝජිතයින් මෙම අදහස් පළකළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් අනතුරු ප්‍රකාශ කළේ හෙට උදෑසන 8 වනවිට සමස්ථ දිවයිනේම විදුලිය බිඳ වැටීමට ඉඩ ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now