හෙට දිනයේත් (4/2) පැය 9කට ආසන්න විදුලි කප්පාදුවක්..සිදු කල වෙනස..

Sri Lanka fuel crisis power crisis Electricity board power cutting time
By Sewvandhi Apr 01, 2022 11:33 AM GMT
Report

හෙට (02) දිනයේ පැය 8 1/2 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

අද (01) දිනයේදීත් දිවයිනටම බලපාන පරිදි පැය 12 ක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදු වනවා.

මේ අතර, කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදූලිය මහජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග වහා ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

මේ අතර, ඩීසල් මෙටි්‍රක් ටොන් 38,000ක් සහිත නෞකාවක් මෙතෙක් ඩොලර් ගෙවීම් සිදු නොකිරීම නිසා තවදුරටත් නැංගුරම් ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ නෞකාව පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වී ඇති අතර, මේ වනවිට කොළඹ වරායට ආසන්නව නැංගුරම් ලා තිබෙනවා

. අදාල ගෙවීම් කටයුතු මේ වනවිට සුදානම් කරමින් සිටින බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්.ඔල්ගා ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now