අද (3/30) මධ්‍යම රාත්‍රියෙන් පසුවත් විදුලි කප්පාදුවක්..!

Sri Lanka Norochchole Electricity board power cut Sapugas Ugadanaw
By Sewvandhi Mar 30, 2022 11:31 AM GMT
Report

අද මධ්‍යම රාත්‍රියෙන් පසුවත් තවත් පැය කිහිපයක් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකි බව ආරංචි මාර්ග අනාවරණය කරනවා.

පවතින ඉන්ධන අර්බුදය සහ වියලි කාලගුණයත් සමඟ දෛනික විදුලි කප්පාදුව පැය 15ක් පමණ දක්වා දීර්ඝ විය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනුද ලැබුවා.

ඇතැම් විට ඉදිරියේදී විදුලි කප්පාදු කරන වේලාවට වඩා විදුලි සැපයුම ලබාදෙන වේලාව නිවේදනය කිරීම පහසු වනු ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර ප්‍රකාශ කළේ.

අද දිනයේත් පැය 10ක කාලසීමාවක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now