හෙට දිනයේ (3/14) විදුලි කප්පාදුව සිදු වන අයුරු

Sri Lanka Norochchole Sapugaskanda sri lanka electricity board power cut CBl
By Sewvandhi Mar 13, 2022 03:56 PM GMT
Report

හෙට දිනයේදීත් (14) විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැයක් වශයෙන් පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

A,B,C,D,E,F,G,H යන කලාපවලට පැය 3යි විනාඩි 45ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයයි විනාඩි 15ක් වශයෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now