හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sithumi Aug 22, 2022 12:53 PM GMT
Report

අගෝස්තු 23 වනදා එනම් හෙට දිනයේ පැය03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදුවනු ඇති.

එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මේ අතර M,N,O,X,Y,Z, කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබේ.

...............................................................

You may like this video 

හැම පක්ෂ වලින්ම කෑලි කඩල පුට්ටු කරපු ආණ්ඩුවක් හදන්න යන්නේ - වාසුගෙන් සැර කතාවක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now