හෙට දිනයේ විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි..! එක් විදුලි බලාගාරයක් හැර අනෙක් සියලු බලාගාර නවතී..
හෙට (01) දිනයේ විදුලිය සැපයුම ලබාදිය හැකි වන්නේ පැය 9 ත් 10 ත් අතර කාලයක් සඳහා පමණක් වනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.
ඊට හේතු වී ඇත්තේ මේ වනවිට විදුලි උත්පාදනය නොරොච්චෝල බලාගාරයට සහ ජල විදුලියට පමණක් සීමා වීමයි. ඒ අනුව මේ වනවිට රට මුහුණ දී සිටින්නේ නිදහසෙන් පසු මෙරට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවටයි.
සාමාන්‍යයෙන් මෙරට දෛනික විදුලි ඉල්ලුම පවතින්නේ මෙගාවොට් 2600 ක අගයක වූවත් පවතින බලශක්ති අර්බුදයත් සමග ඊයේ (30) වනවිට දෛනික විදුලි නිෂ්පාදනය මෙගාවොට් 1645 ක් තරම් පහත අගයකට බැස තිබෙනවා.
පැවති තත්ත්වය යටතේ ජාතික පද්ධතියට මෙගාවොට් 165 ක් සපයමින් සිටි අවසන් බලාගාරය වූ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයත් ඉන්ධන අවසන් වීමෙන් අද පස්වරු 5 සිට අක්‍රීය කෙරුණා.
ඒ අනුව විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ හෙට දිනය සඳහා විදුලි උත්පාදනයට ඉතිරිව ඇත්තේ මෙගාවොට් 900ක ධාරිතාවක් සැපයෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ජල විදුලිය පමණක් බවයි.
ජල විදුලියෙන් ජාතික පද්ධතියට මේ වනවිට සම්ප්‍රේෂණය කරන්නේද මෙගාවොට් 300ක් පමණයි. පවතින වියලි කාලගුණයත් සමඟ ජලාශ රැසක ජල මට්ටම් මේ වනවිට පහත බැස තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා හෙට දිනයේ පැය 12 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.
Areas - ABCDEF
2 hours from 4am to 6am,
4 hours from 8am to 12pm
6 hours from 4pm to 10pm
Areas GHIJKL
2 hours from 6am to 8am
4 hours from 12pm to 4pm
6 hours from 6pm to 12am
Areas PQRS
2 hours from 4am to 6am
4 hours from 8am to 12pm
6 hours from 4pm to 10pm
Areas TUVW
2 hours from 6am to 8am
4 hours from 12pm to 4pm
6 hours from 6pm to 12am
Areas MNOXYZ
3 hours and 30minutes from 5.30am to 9am
2 hours from 4pm to 6pm.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

