හෙට (3/31) පැය 13නේ විදුලි කප්පාදුව අවසර..! එක් එක් ප්‍රදේශ සඳහා විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

Sri Lanka Norochchole Sapugaskanda Electricity board power cut Yugadanaw
By Sewvandhi Mar 30, 2022 01:56 PM GMT
Report

හෙට (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව හෙට අලුයම 3 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

ඒ අනුව  ABCDEF කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක විදුලි කප්පාදුවක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලි කප්පාදුවක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

GHIJKL කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්, උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇති.

මේ අතර PQRS කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක විදුලි කප්පාදුවක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලි කප්පාදුවක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

එසේම TUVW කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්, උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇති.

MNOXYZ යන කලාප සඳහා අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලිය විසන්ඳි වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now