විදුලිය බිඳ වැටීම ගැන අලුත් දැනුම්දීමක්..
Colombo
Power cut Sri Lanka
Kanchana Wijesekera
By Sewvandhi
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ,විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවය.
අද (24) පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිට තිබේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ 08,10 සහ 12 ප්‍රදේශවල මේ තවදුරටත් විදුලිය ඇනහිට ඇති බවය.
CEB has informed of a sudden power outage in several areas within Colombo 4, 5, 7, 8, 10, 12 areas & suburbs due to a Cable explosion & breakdown of the 132 KV substation at Kolonnawa.
— Kanchana Wijesekera (@kanchana_wij) April 24, 2023
Power restored to Colombo 4, 5 & 7.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |