අද සිට ක්‍රියාත්මක පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් - අලුත්ම තීරණයක්..!

Power cut Sri Lanka Sri Lanka Kanchana Wijesekera
By Sewvandhi Feb 16, 2023 05:38 AM GMT
Report

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවය.

විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

"අපි ජනවාරි මාසයේ ලබාදුන්න යෝජනාව ජනවාරි මාසයේ ක්‍රියාත්මක වුණා නම් අපිට තවත් පහසුවෙනවා. කෙසේ හෝ ප්‍රමාදයකින් හෝ ලැබීම තුළ මම හිතනවා අද දවසේ ඉඳලා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන්න පුළුවන්. ඒ වගේම අපිට අද ඉඳලා ගල් අඟුරු, ඉන්ධන, නැප්තා ආනයනය කිරීම සඳහාත් අවශ්‍ය පහසුකම් බැංකු තුළින් ලැබීම සිදුවෙනවා.

වැරදි මතයක් සමාජ ගත කරන්න උත්සාහ කළා පුද්ගලයින් කිහිපදෙනෙක්. මේ ගාස්තු සංශෝධනය කරන්නේ විදුලිබල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීම සඳහා කියලා. ඒක කිසිසේත්ම වෙන්නේ නෑ. මොකද විදුලිබල මණ්ඩලයේ තිබෙන අලාභ පියවා ගැනීමට නෙමෙයි මේ ගාස්තු සංශෝධනය සිදුකරලා තියෙන්නේ. මේ අලුත් අය ක්‍රමය යෝජනා කරලා තියෙන්නේ අද ඉඳලා විදුලිය උත්පාදනය කරන්න යන වියදම ආවරණය කර ගැනීමට පමණයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now