විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග..!
Ranil Wickremesinghe
Sri Lanka
Power Cut Today
By Sewvandhi
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.
එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යපන ආයතන සදහා සූර්ය පැනල ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |