පැය 10ක විදුලි කප්පාදුවක්..? භයානක අනතුරු ඇගවීමක්..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ, දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බවයි.
එහි සභාපති නිහාල් වීරරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන් මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බවය.
එම මාධ්‍ය හමුවට එක්වූ විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ බරපතළ අවදානමක් පවතින බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |