හෙට දින රට තුළ සිදු කිරීමට තීරණය කර තිබු විදුලි කප්පාදුව වෙනස් වෙයි

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Sep 21, 2022 04:23 PM GMT
Report

පිළිගත හැකි හේතු නොමැති වීම නිසා හෙට (22) සිට රට තුළ සිදු කිරීමට තීරණය ගෙන තිබූ විදුලි කප්පාදුවේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව හෙට සිට පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ.

නමුත් පිළිගත හැකි හේතුවක් විදුලි කප්පාදුවට ඇති බවට මහජන උපයෝගීතා කොමිසමට අනාවරණය නොවූ හෙයින් විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැයයි විනාඩි 20ක පමණ කාලයක් පමණක් බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරන්නේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-;

කාංචන ඇමති හමුවූ ස්වාමින්වහන්සේලා ගෙන් විශේෂ ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now