විදුළි කප්පාදුව පැය 10ක් වන ලකුණු

Power cut Sri Lanka Sri Lanka Power Cut Today
By Sewvandhi Sep 11, 2022 03:17 PM GMT
Report

ඔක්තෝම්බර් මාසයට පෙර ගල් අගුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් පැය 10 ත් 12ත් අතර කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ,මෙරට විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම වාර්තාගත ලෙස පහත වැටී තිබේ. මීට වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය ඒකක මිලියන 48-49 අතර පැවති අතර එය මේ වනවිට දෛනිකව මිලියන 38-39 දක්වා 20% කින් පමණ පහළ බැස තිබේ.

හෝටල්, ව්‍යාපාරික ආයතන, කර්මාන්තශාලා සඳහා විදුලි ඉල්ලුම ඉල්ලුම විශාල වශයෙන් අඩුවීම හා විදුලි බිල ඉහළ නැංවීම මීට ප්‍රධාන හේතු වී තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now