හෙට සිට යළිත් ඇරඹෙන විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
හෙට (3) සිට ලබන 06 වැනි දා දක්වා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව දිවා කාලයේ පැයක් සහ රාත්‍රි කාලයේ පැය 01යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇති.
උත්සව සමය හේතුවෙන් පසුගිය දිනවල දී විදුලි කප්පාදුව සිදු වුණේ නෑ. කෙසේ වෙතත් විදුලි කප්පාදුව සිදු වන කාලය ඉදිරියේ දී වැඩි විය හැකි බව යි වාර්තා වන්නේ.
විශේෂයෙන් විදුලි ජනනයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් තරම් මෙරටට ගෙන නො ඒම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන බව යි විශ්ලේෂකයන් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |