දෙසැම්බර් 15 දක්වා විදුලි කප්පාදුව වෙනස් වෙයි - ප්‍රදේශයක් විදුලි කප්පාදුවෙන් නිදහස් කරයි..
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් පණිවිඩයක් නිකුත් කරමින් දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා දෙසැම්බර් මස පළමුවනදා සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කළ බව දැනුම්දෙනවා.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවය.
මේ අතර දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව අමාත්‍යවරයා පවසයි.
එහෙත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකිරීමට නියමිතය. එසේම නත්තල් සහ අලුත් අවුරුදු දිනවල විදුලි කප්පාදුවක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |