විදුලි කැපිල්ල ගැන රටටම සුබ ආරංචියක්..
Power cut Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
දෛනික විදුලි කප්පාදුව ලබන 25 වැනිදා තෙක් පැයකට සීමා කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.
තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට සිදුවීම නිසා පැයක විදුලි කප්පාදුව සිදු කෙරේ.
පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි බලාගාර මගින් සියයට 70 කට වැඩි (70.33%) වැඩි ප්‍රමාණයක්ද නොරොච්චෝල බලාගාරයෙන් සියයට 27 කට වැඩි ප්‍රමාණයක්ද (27.23%) සුළං සූර්ය සහ වෙනත් ප්‍රභවයන්ගෙන්ද විදුලිය අවශ්‍යතාව සපුරා ගන්නා බව විදුලිබල මණ්ඩලය පවසයි.
කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් විදුලිය කපා දැමීමට අනුමැතිය ලබාදී තිබේ.
එම කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
