විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණ මෙන්න..කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්..
නොරොච්චෝලේ 3 වන ගල් අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දමා ඇති අතර එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ අනුව නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන ළඟදීම දැනුම් දෙනු ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් දන්වා ඇත්තේ.
එම කාල සටහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (27) සහ හෙට (28) පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
දිවා කාලයේ පැය 01 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ විදුලි කප්පාදුව බලාත්මක වේ.
අදාල කාලසටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

