විදුලි බිල නොගෙවූ නිසා ප්‍රධානතම රුපවාහිනී නාලිකාවක විදුලිය කපා දමයි
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sewvandhi
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා. රූපවාහිනී සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද (17) පෙරවරුවේ පැමිණි විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් පිරිසක් විසින් අදාළ විදුලිය සිඳලීම සිදු කළ බවයි.
රුපියල් මිලියන ගණනාවක් වන රූපවාහිනී සංස්ථා විදුලි බිල නො ගෙවීම මීට හේතු වී ඇති බවයි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ වන විටත් රූපවාහිනී සංස්ථා බලධාරීන් විසන්ධි කරන ලද විදුලි බලය නැවත යථාවත් කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |