අද විදුලි කප්පාදුව වැඩිවෙයි.. රට පුරා කරන්ට් කපන ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න.
Sri Lanka
Technology
Power cut
By Aruna
අද දිනයේ P,Q,R,S,T,U,V,W දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය අතරතුර පැය දෙකයි විනාඩි 40කත්, පස්වරු 5 සිට රාත්‍රී 10.30 දක්වා පැය එකයි විනාඩි 50කත් විදුලි කප්පාදු සිදුකිරීම සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
ඊට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය තුනයි විනාඩි 20ක සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙම විදුලි කප්පාදුව සදහා අවසර ලබාදුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.
අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පහත කාල සටහනෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















