උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක්..?
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By Sewvandhi
පවතින තත්ත්වය හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දෛනික විදුලි කප්පාදුව සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම්දී තිබේ.
විදුලි නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් හේතුවෙන් මෙම පියවර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
විදුලි නිෂ්පාදනයට අවශ්‍ය මුදල් ලබාදෙන්නේ නම් විදුලි කප්පාදුව සිදු නොකිරීමට හැකියාව පවතින බවද එම මණ්ඩලය දැනුම් ඇත.
කෙසේවෙතත් විදුලි කප්පාදුව සිදුකළ යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
මහජන උපයෝගීතා කොමිසම මීට පෙර සඳහන් කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදු නොකරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |