උසස් පෙළ විභාග පෙළ විභාග කාලයේ සිදු කරන විදුලි කප්පාදුව ගැන ගත් තීරණය..!

Power cut Sri Lanka Sri Lanka Power Cut Today
By Sewvandhi Jan 14, 2023 07:56 AM GMT
Report

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙවර උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ  අනික විදුලි කප්පාදුව සිදු නොකරන බවට බලධාරීන් දැනුම් දුන් බවයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇති බවයි එතුමා සඳහන් කළේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කටයුතු අතරතුර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now