AL විභාග කාලයේ දී සිදු කරන විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්..
Power cut Sri Lanka
Sri Lanka
G.C.E.(A/L) Examination
Power Cut Today
By Sithumi
අද දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිසම ජනවාරි 23 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් වලදී විදුලි කප්පාදු සිදු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එහිදී අදහස් දැක්වූ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා
"විභාගය පැවැත්වෙන කාලය තුළදී විභාග කොමසාරිස්වරයාට කතා කරලා ඒ පිළිබඳ අපි ලිඛිත ඉල්ලීමක් ලබාගෙන ඒ අනුව අවශ්‍ය පියවර කිරීමට අවශ්‍ය කටයුතු දැනට සම්පාදනය කරගෙන ඉන්නවා. ඒ කටයුතුත් අපි අද ආරම්භ කරලා තිබෙන්නේ. මම හිතන්නේ විභාගය කාලයේදී විදුලිය කැපීම එතරම් සාධාරණ වෙන්නේ නැති නිසා ඒ කාල සටහන අපි විභාග දෙපාර්මේන්තුවෙන් ඉල්ලගෙන කොහොමද විදුලිය නොකපා යන්නේ කියන ක්‍රමවේදයක් සකස් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල අපි දැනටමත් ඇරලා තියෙන්නේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |