විදුලි කප්පාදුව ගැන තීරණයට දින නියම වෙයි..!

Power cut Sri Lanka Sri Lanka Power Cut Today
By Sewvandhi Feb 06, 2023 08:46 AM GMT
Report

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලි කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ජූලි මස 14 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම පෙත්සම අද (06) සළකා බැලුනේ ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

මේ අතර උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම මේ මස 8 වනදා යළි සළකා බැලීමට නියමිතයි.

අද එම පෙත්සම කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now