පැය 06ක් විදුලි කප්පාදුව දීර්ඝ කරයි?..විදුලි බිල ජනවාරි සිට වැඩි කරයි?..ඇමතිගේ තීරණය මෙන්න..
ලබන වසරේ සිට විදුලි ගාස්තු යළි ඉහළ දැමීම අත්‍යවශ්‍ය කරුණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී. ලබන ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව යළි ඉහළ දැමිය යුතු බවට වන යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එහිදී ඇතැම් අමාත්‍යවරුන්ගේ යෝජනාව වී ඇත්තේ විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව විදුලිබල මණ්ඩලයේ පාඩුව අවම කර ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවයි.
එහෙත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව පවතින ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බවයි.
ගාස්තු වැඩිවීමක් නොකළහොත් ඉදිරියේදී දෛනිකව පැය 6කට පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා යම් සහනයක් ලබා දී විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ගාස්තු ඉහළ තැබීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකින් තොරව සාකච්ඡාව අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |