විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් දැනුම්දීමක්..පැය 10ක් අඳුරේ ඉන්න වෙයි?..
ඉදිරියේ දී විදුලි කප්පාදුවද දීර්ඝ විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ද තහවුරු කළා.
කොළඹ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ, විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බව යි.
මේ අතර නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු නොමැතිවීමෙන් ඉදිරි සතියෙන් පසු විදුලි කප්පාදුව පැය 10ක් දක්වා දීර්ඝ විය හැකි බවට විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනවා.
කොළඹ දී ඊයේ (20) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් විදුලි ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ, ගල් අඟුරු නොමැතිවීමෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවිය හැකි බවයි.
කෙසේ වෙතත් ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන බවයි මෙහි දී අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |