විදුලි කප්පාදුව නවතින දිනය කවදාද?..ප්‍රබලයෙකුගෙන් දැනුම්දීමක්..
ඉන්ධන මඟින් ක්‍රියාත්මක තාප බලාගාරවලට අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව ලැබෙන තෙක් සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රමාණවත්ව පිරී යන තෙක් දැනට පවතින විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වාගෙන යාමට සිදු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසනවා.
කෙසේ වෙතත් ඉන්ධන නොලැබීම මත බලාගාර අක්‍රීය වීම සහ ජල විදුලි නිෂ්පාදනය සීමා වීමෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ප්‍රමාණය පෞද්ගලික බලාගාරයන්ගෙන් ගන්නේ නම් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට හැකියාව ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
ඉන්ධන මඟින් ක්‍රියාත්මක බලාගාර සඳහා මේ වන විට අඛණ්ඩ ඉන්ධන ලැබීමක් නොවන අතර, විටින් විට ලැබෙන ඉන්ධන ප්‍රමාණයන් මත එම බලාගාර ක්‍රියාත්මක කෙරෙනවා.
අප්‍රේල් අග හෝ මැයි මස විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී යන නිරිත දිග මෝසම් වර්ෂාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර, මේ වන විට එම ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙසින් අවම වෙමින් පවතිනවා.
ඒ ඔස්සේ විදුලිබල උත්පාදනය ද මේ වන විට 17%ක් වැනි ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |