ලබන සදුදා සිට රට පුරා කරන්න හදන දේ..අනතුරු ඇඟවීමක්..

Sri Lanka Technology Power cut
By Aruna Feb 04, 2022 12:15 AM GMT
Report

පවතින විදුලි අර්බුදය සැබෑ විදුලි අර්බුදයක් නොව ඉදිරියේදී තෙල් සංස්ථාව විදේශයකට විකිනීමේ සැලසුම් සහගත උත්සාහයක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරනවා.

ඉන්ධන තොග නිසි ලෙස නඩත්තු නොකිරීම සහ ජල විදුලියෙන් සියයට හැත්තෑවක් විදුලිය නිපද වීම හේතුවෙන් මෙම විදුලි අර්බුදය ආරම්භ වූ බව ද ඔහු පැවසීය.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටුණු පසු විදුලිබල මණ්ඩලයේ වාර්ෂික ජනන චක්‍රය නොසලකා ජලවිදුලිය භාවිතා කරමින් විදුලි ඉපදවීමට යාමෙන් මෙම තත්ත්වය උග්‍ර වූ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

මේ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහළ ගිය නිසා නැවතත් විදුලිය නිෂ්පාදනයට ඉන්ධන භාවිතා කිරීමට සිදුවී ඇති බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් එළැඹෙන සදුඳා දිනයේ සිට උපරිම වශයෙන් දිනකට පැය 4 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති බවත් හෙතෙම තවදුරටත් අනතුරු ඇඟවීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now