දිවයින පුරා ප්‍රදේශ රැසක යළිත් විදුලිය කපයි..කපන වෙලාව මෙන්න.

Sri Lanka Power cut Ceylon electric Bord
By Aruna Dec 12, 2021 02:37 AM GMT
Report

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් අළුත්වැඩියා කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර ගැනීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 6 ත් රාත්‍රී 9 යි 30 ත් අතර මිනිත්තු 30 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එම පියවර ඊයේ දිනයේ සිට ක්‍රියාත්මකයි. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ පසුගිය 03 වැනිදා දිවයිනට විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වූ බවයි.

එම අවස්ථාවේදී එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර තිබූ අතර, එය පසුගිය ඉරිදා පූර්ණ ධාරිතාවයෙන් නොවූවත්, පද්ධතියට එක් කෙරුණා.

කෙසේ වෙතත්, යළි එම ජනන යන්ත්‍රය පෙරේදා පද්ධතියෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත්තේ එහි බොයිලේරුවේ හටගත් දෝෂයක් හේතුවෙන්. ඒ හේතුවෙන් මෙලෙස දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිනිත්තු 30 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now